Home Politics News Room : උසස් පෙළ අවසන් වූ වහාම විදුලිය කැපීම නැවැත්වූවා

News Room : උසස් පෙළ අවසන් වූ වහාම විදුලිය කැපීම නැවැත්වූවා

3
0

ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

උසස් පෙළ විභාගය පවත්වන කාලයේ අඛණ්ඩව විදුලිය දෙන ලෙස මව්පියන්, ගුරුවරුන් ඇතුළු රටේ සමස්ත ජනතාවම ඉල්ලා සිටියත් විභාගය අවසන් වූ වහාම විදුලිය කැපීම නතර කළ බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (25) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් පවතින ගැටලුව මෙයට පෙර විසඳා ගත හැකිව තිබුණා. නමුත් එය එසේ නොකර ආණ්ඩුව වෙත එල්ල වෙන වගකීම ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිට පැටවීමට ක්‍රියා කරමින් සිටිනවා. මේ රටේ ජනතාව රනිල් ගෙන යන දැන් වැඩපිළිවෙළට හැමදාම ඉඩ දෙන්නේ නෑ. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගෙන යන මේ ක්‍රියාමාර්ගවලට විරුද්ධව ජනතාව ඉතාම කෙටි කාලයකදී තීන්දුවක් ගනීවි. “

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here