ඇතැම් දුම්රිය මැදිරි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවන්වල සත්‍ය කරුණු සභාවට ඉදිරිපත් කිරීම සඳහා වාර්තාවක් ලබා දෙන්නැයි තමන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට නියම කර ඇතැයි ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහා මාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවැසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
එම වාර්තාව ලැබුණ විගස එය සභාවට ඉදිරිපත් කරනවා. කලින් පැවැති ක්‍රමවේදයට වෙනස්ව අන්තර්ජාතිකව ටෙන්ඩර් කැඳවීමක් සඳහා කටයුතු කරන්න කියලා තිබෙනවා. පැවැතුණ ක්‍රමය අනුව දේශීය වශයෙන් විවිධ පාර්ශ්වයන් විසින් යකඩ අඩු මිලකට බෙදා ගැනීමේ ක්‍රමවේදයක් තමයි කරලා තිබෙන්නේ. ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවන්න කියලා මම උපදෙස් දීලා තිබෙනවා. කලින් ලබාගත් දුම්රිය මැදිරි ගැන විවිධ චෝදනා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් යොමු වෙනවා. එහි කරුණු සියයට සියයක් ඇත්ත නොවෙයි. ඒ නිසා සත්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් සභාවට සැපයීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයට මම නියම කරලා තිබෙනවා.
රාජ්‍ය සේවා කොමිසමේ අවසරය මත බස් රථ සඳහා අවශ්‍ය රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 800කට වැඩි පිරිසක් බඳවා ගැනීමට අවසර ලබාගෙන තිබෙනවා. අවාසනාවකට ඉදිරිපත් කරන සුදුසුකම් අනුව රියැදුරන් බඳවා ගැනීමේ ප්‍රශ්නයක් මතු වෙලා තිබෙනවා. පුහුණුව ලබලා තිබෙන හොඳ රියැදුරන් ඉන්නවා අධ්‍යාපන සුදුසුකම් නැති. ඒ සුදුසුකම නැති නිසා ඔවුන්ගේ සේවය ලබාගන්න බැරිව තිබෙනවා. කැබිනට් පත්‍රිකාවක් මඟින් මේ සුදුසුකම් වෙනස් කර ගැනීම සඳහා ක්‍රියා කරලා ඉක්මනින් රියැදුරන් ලබා දීම සඳහා කටයුතු යොදනවා.