Home Politics News Room : අගමැති වෙනස් වන කතාව විපක්ෂය පතුරවන බොරුවක් – නිවාස...

News Room : අගමැති වෙනස් වන කතාව විපක්ෂය පතුරවන බොරුවක් – නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග

4
0

අගමැති ධුරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවත්, අගමැති ධුරය වෙනස් කිරීමේ සූදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බවත් නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ මෙය විපක්ෂය විසින් ගොතනු ලැබු කතාවක් පමණක් බවයි.

එසේම පොහොට්ටුවේ කිසිදු බෙදීමක් නැති බවත්, ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයද සාවද්‍ය බවත් පෙන්වා දුන් ඇමතිවරයා, අවශ්‍ය මොහොතේදී පොහොට්ටුව රට වෙනුවෙන් ගත යුතු තීන්දුව ගන්නා බවද අවධාරණය කළේය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ, කෘතහස්ත දේශපාලඥයකු වූ දිවංගත රෙජී රණතුංග මැතිතුමාගේ 86 වන ජන්ම දිනය නිමිත්තෙන් එතුමාගේ උඩුගම්පළ පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

රට මේ වන විට ස්ථාවර වෙමින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙමින් තිබෙන බවද මෙහිදී ප්‍රකාශ කළ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ සාකච්ඡා වෙමින් පවතින බවත්, යම් යම් කාරණා පිළිබඳව අවධානය යොමු වී තිබෙන බවද සඳහන් කළේය. රාජ්‍යයක් පෙරළා එය වට්ටන්න යනවා නම් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් යයිද සඳහන් කළ ඇමැතිවරයා එවැනි දේවලට තදින් කටයුතු කිරීමට අවශ්‍ය බවද කීය. අරගලය මුවාවෙන් ත්‍රස්තවාදී ක්‍රියා කරනවා නම් දැඩි තීන්දු ගත යුතු බවද කී ප්‍රසන්න රණතුංග මහතා අරගලයට සම්බන්ධ වූ මානසික අසහනකාරයෝ වස බොනවා, දිවි නසා ගන්නවා, කුඩාරම්වල හිටපු අයට ළමයි හම්බවෙලා පාරවල්වල දාලා යනවා යයිද කීය. මේ තත්ත්වය ජනතාව තේරුම් අරන් තිබෙන බවද සඳහන් කළේය.

උපාලි කරුණාරත්න

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here