Home Local News Room : ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නැතැයි අමෙරිකාව කියයි

News Room : ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නැතැයි අමෙරිකාව කියයි

3
0

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හමු වී තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිවරිය මේ බව සඳහන් කර ඇත.

එහිදී ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය මතය පිළිබඳව සාකච්ඡා කළ බව ඇය සඳහන් කර තිබේ.

“ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ එක් එක් අංශ පිළිබඳව මම සාකච්ඡා කළා. ඒ වගේ ම, පනත් කෙටුම්පත පිළිබඳව පුළුල් මහජන සහ පාර්ලිමේන්තු සාකච්ඡා සිදු වනු දැකීමට ඇති අපගේ දැඩි අවශ්‍යතාව පිළිබඳව ද එහිදී කරුණු බෙදා ගත්තා.”

ඇය පෙන්වා දෙන්නේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හෝ රැස්වීමේ නිදහස සීමා නොකර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඵලදායි මෙවලමක් ලෙස ව්‍යවස්ථාව ක්‍රියා කරන බවට සහතික කිරීම සඳහා සිවිල් සමාජය, අධ්‍යාපනඥයින් සහ මන්ත්‍රීවරුන් ඇතුළු සියලු පිරිස්වල අදහස් සලකා බැලීම වැදගත් බව ය.

පෙර ලිපියවැඩි ම බල ශක්ති ඉල්ලුම ඊයේ දිනයේ
ඊලග ලිපිය6 වසර සිසුන්ගේ අභියාචන අයැදුම් පත් භාර ගැනීම ඇරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here