Home Politics News Room : එල්ටීටීඊය පරාජය කළේ ත්‍රස්තවාදය පිටුදැකීමේ පනතින්

News Room : එල්ටීටීඊය පරාජය කළේ ත්‍රස්තවාදය පිටුදැකීමේ පනතින්

6
0

දැන් එය එපා කියන්නේ ඇයි?

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතට පෙර ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා වන පනතක් රටේ ක්‍රියාත්මක වූ බවත් තිස් අවුරුදු ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ එම පනත නිසා බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අලුතින් ගෙන ඒමට නියමිත පනතේ හොඳ නරක පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බඳුන් කර ඒ සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවත් ඒ අනුව සංශෝධන අවශ්‍ය වන්නේ නම් ඒවා කර ගැනීමේ අවස්ථාව පවතින බවත් ඒ මහතා කීය.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගැනීමට ඊයේ (19) මහනුවරට පැමිණි අවස්ථාවේ සිරිසේන මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

අදාළ පනත සම්බන්ධව නිසි අධ්‍යයනයක් සිදු කිරීම සඳහා එය පක්ෂයේ නීති විශේෂඥයන්ට බාර දී තිබෙන බවත් ඔවුන් ඒ පිළිබඳව ලබා දෙන නිර්දේශ පක්ෂය තුළ සාකච්ඡාවට බඳුන් කර පනත සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම අවධාරණය කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මහතා ද සහභාගි විය.

අසේල කුරුළුවංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here