Home Local News Room : දින 16 ක් තුළ සංචාරකයෝ 56,000 ක් ශ්‍රී ලංකාවට...

News Room : දින 16 ක් තුළ සංචාරකයෝ 56,000 ක් ශ්‍රී ලංකාවට එයි

4
0

2023 අප්‍රේල් 01 සිට අප්‍රේල් 16 දින දක්වා කාලපරිච්ඡෙදය තුළ දී විදෙස් සංචාරකයින් 56,402 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තහවුරු කර සිටී.

2023 අප්‍රේල් 01 – අප්‍රේල් 23 කාලපරිච්ඡේදය තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එය 9,554 ක් වේ. මීට අමතරව රුසියාවෙන් 8,138 ක්, එක්සත් රාජධානියෙන් 5,185 ක් සහ ජර්මනියෙන් 5,056 ක් ලෙසින් එම කාලපරිච්ඡේදය තුළ දී වැඩි වශයෙන් සංචාරකයින් පැමිණි රටවල් වේ.

මේ අනුව 2023 වසරේ අප්‍රේල් 16 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 392,081 ක් වේ.

අඛණ්ඩව ලක්ෂයක් ඉක්මවූ සංචාරක පැමිණීමක් 2023 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස තුළදී වාර්තා වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන පරිදි 2023 මුල් මාස තුන තුළ දී මුළු සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 529.8 ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here