Home Politics News Room : රටක් ඉදිරියට යෑමට නම් ආයෝජන රටාවකට යොමු විය යුතුයි...

News Room : රටක් ඉදිරියට යෑමට නම් ආයෝජන රටාවකට යොමු විය යුතුයි -පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම්

7
0

 

කිසියම් රටක් ඉදිරියට ගමන් කිරීමට නම් පාරිභෝජන තත්ත්වයෙන් මිදී ආයෝජන රටාවකට යොමු විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“රටක් ණය මුදල් ගෙන එය පරිභෝජනය කිරීම එම රටේ හෝ ජාතියේ දියුණුවට හේතුවක් නොවේ. පරිභෝජනයෙන් මිදී ආයෝජනයට එම මුදල් යෙදවිය යුතුයි. එය රටේ අනාගතය වෙනුවෙන් වැදගත්. නිදහසින් පසු අපි දාසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතා ගිය රටක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලද පමණින් රටවල් දියුණු වෙන්නේ නෑ. එයට ප්‍රධාන හේතුව තමයි, අපි රටක් හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් ආයතනවලින් ණය ගත් පසු අපි කළේ ඒ ණය මුදල් රටේ ජනතාවගේ පරිභෝජනයට යෙදවීම. යම්කිසි රටක් ණය මුදල් ගෙන එය පරිභෝජනය කරනවා නම් එය රටේ හෝ ජාතියේ දියුණුවට හේතු වෙන්නේ නෑ.

අපි රටක් විදිහට මේ අවස්ථාවේදී දැඩි ආර්ථික ප්‍රතිපත්තියකට ගියොත් ආයෝජනය සඳහා මේ මුදල් යොදවනවා කියලා අපට රටක් හැටියට ගොඩ එන්න පුළුවන් වේවි. නමුත් අපි මේ මුදල් පරිභෝජනයට යෙදෙවුවොත් නැවතත් සිදු වෙන්නේ තව අවුරුදු 04න් 05න් පසු ඍණ ගෙවුම් ශේෂයක් මත නැවතත් මේ සුපුරුදු අමාරුවේ වැටෙන්න. “

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here