Home Local News Room : කෝප් කමිටුවට රජයේ ලොක්කන් 420ක් වහා ම කැඳවයි

News Room : කෝප් කමිටුවට රජයේ ලොක්කන් 420ක් වහා ම කැඳවයි

5
0

විවිධ අක්‍රමිකතා මෙන් ම කාර්ය සාධනය සම්බන්ධයෙන් කරුණු විමසීමට රාජ්‍ය ආයතන 420ක් වහා ම ක්‍රියාත්මක වන පරිදි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත (කෝප් කමිටුවට) කැඳවීමට යයි.

ඒ අනුව, රාජ්‍ය ආයතන 420ක ප්‍රධානීන් මෙසේ එම කාරක සභාව (කෝප් කමිටුව) කැඳවීමට තීරණය කර තිබේ.

මේ අතර, තවත් රාජ්‍ය ආයතන හතරක් ඉදිරි සතියේදී කෝප් කමිටුව හමුවට කැඳවන බව ත් එම රාජ්‍ය ආයතන ලෙස ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙයි.

එම ආයතනවලින් ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුව හමුවට මෙයට පෙරද කැඳවා තිබූ බවත් එම ආයතනවල කටයුතු පිළිබඳව පසුවිපරම් කිරීම සඳහා ඒවා නැවත මෙසේ කැඳවන බවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩිදුරට ත් පැවසීය.

  • අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
පෙර ලිපියදූරියන්වල කිසිම දෙයක් අපතේ නොයවා සල්ලි කරන දක්‍ෂ කෙල්ල හිමාලි
ඊලග ලිපියCartoon : 17-04-2023

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here