Home Local News Room : උත්සව සමයේ ඉන්ධන බෙදා හැරීම ගැන විශේෂ තීරණයක්

News Room : උත්සව සමයේ ඉන්ධන බෙදා හැරීම ගැන විශේෂ තීරණයක්

4
0

පසුගිය සතිය තුළ ඉන්ධන අලෙවි කිරීමේදී ජාතික ඉන්ධන අලෙවිය සහ ඉන්ධන අවසරපත් QR කේතය මගින් ඉන්ධන ලබා දීම සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

කංචන විජේසේකර මහතා සඳහන් කර ඇත්තේ, QR මාර්ගෝපදේශවලට අනුකූල නොවන ඉන්ධන පිරවුම්හල් 66ක බලපත්‍ර අත්හිටුවීමත් සමග පසුගිය සතියේ 60%ට අඩු සමස්ත ප්‍රතිශතය 80% දක්වා වැඩි වී ඇති බව ය.

උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදා හැරීම වර්ධනය කර ඇති අතර බෙදාහරින ඉන්ධන ප්‍රමාණය දිනකට පෙට්‍රල් 92 සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 5500ක් ද මෙට්‍රික් ටොන් 4650ක් ද දක්වා වැඩි කිරීමට ද කටයුතු යොදා ඇති බව කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් දැක්වේ.

පෙර ලිපියරිය අනතුරකින් මාස 3ක බිළිඳෙක් ජීවිතක්ෂයට
ඊලග ලිපියවෙළෙඳුන්ට පාරිභෝගික අධිකාරියෙන් ගැසට් නිවේදන දෙකක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here