Home Politics News Room : බැසිල් රටේ නායකත්වයට සුදුසුයි

News Room : බැසිල් රටේ නායකත්වයට සුදුසුයි

2
0
අප්‍රේ 12, 2023 01:00

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයකු මෙන්ම ඔහු නායකත්ව හැකියාව ප්‍රදර්ශනය කළ නායකයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට ඊයේ (11) එක් වෙමින් ඒ මහතා මේ බව කීවේය.

ඔහු යුද්ධය අවස්ථාවේදී ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරමින් ඉතා හොඳින් ඊට අවශ්‍ය ජාත්‍යන්තර සහාය ගැනීමට සමත් වූ බවත් හෙතෙම කීවේය.

යුද්ධයෙන් පසු මේ රටේ දිළිඳු ජනතාව නඟාසිටුවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කර ලෝකයේ වේගයෙන් දියුණු වන රටවලින් එකක් බවට පත් කිරීමේදී ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්‍ෂ මහතා කළ සේවය ප්‍රසංශනීය බවද කාරියවසම් මහතා මෙහිදී කීවේය.

උතුරට සහ නැඟෙනහිරට වැඩිම සංවර්ධනයක් කළ නායකයා බැසිල් රාජපක්‍ෂ මහතා බවද ඒ මහතා වැඩිදුරටත් කීවේය.

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here