Home Politics News Room : දරුවන්ගේ අනාගතය වැනසීමේ වගකීම ස්ටාලින් ගත යුතුයි

News Room : දරුවන්ගේ අනාගතය වැනසීමේ වගකීම ස්ටාලින් ගත යුතුයි

2
0

එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ

ගුරුවරුන් දෙසිය විසිනව දෙනකුගේ බදු ප්‍රශ්නයක් වෙනුවෙන් දරුවන් දහස් ගණනකගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරුන් ඉවත් කරන ස්ටාලින්, දරුවන්ගේ අනාගතය විනාශ කිරීම සම්බන්ධයෙන් වගකීම භාර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ එක්සත් හේවාහැට ආසනයේ ප්‍රධාන සංවිධායිකා සහ එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පැවසුවාය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කෝන්ගහගේ මහත්මිය මේ බව සඳහන් කළාය. එහිදී ඇය මෙසේද පැවසුවාය.

Òඋසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර බැලීම ගැන 1,400ක් පමණ වන විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් තවම තීරණයක් ගෙන නැහැ. දරුවන්ට දේශපාලනයක් නැහැ. දරුවන් මේවාට සම්බන්ධ කරන්න එපා. දරුවන්ගෙන් පළිගන්න එපා. 260,000ක් වන ගුරුවරුන්ගෙන් 229 වැනි ප්‍රමාණයකගේ බදු ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙලා තේරුමක් නැති වැඩවර්ජන සහ විභාග උත්තර පත්‍ර ඇගැයීමෙන් වැළකී සිටිනවා. දරුවන්ගේ විභාග කල් යවමින් මානසිකත්වය බිඳ දැමීම ගැන ස්ටාලින් වගකිව යුතුයි. මේ වෙද්දී මවුපියන් ස්ටාලින්ට සාප කරනවා. මේ රටේ වගකීම් ගන්න ඉන්න දරුවන්ගේ ජීවිත විනාශ කිරීම ගැන ස්ටාලින් වගකීම ගත යුතුමයි. ජනාධිපතිතුමා දිය හැකි සියලු දේ, කළ හැකි සියලු දේ ජනතාවට සහ දරුවන් වෙනුවෙන් ලබා දෙමින් ඉන්නවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන්ගේ වටිනාකම් අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතුයි. දරුවන්ට විනයක් ඇති කරන්න නම්, ආචාර්යවරු නිවැරැදිව හැසිරිය යුතුයි.”

ශිරෝමි අබයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here