- මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ
සමගි ජන බලවේගයේ සමඟිය දෙදරා ගොස් තිබෙන බවත්, එහි ප්‍රබලයන් පස් දෙනකු ඉතා ඉක්මනින් ආණ්ඩුව හා එක්වන බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා පැවසීය.
මෙම ප්‍රබලයන් සමඟ තවත් 26 දෙනකු රජය හා එකතු වීමට නියමිත බවද ඒ මහතා කීය. මෙම එක්වීම සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක් පවත්වා එකඟතාවකට පැමිණ ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. මහනුවරදී ඊයේ (10) මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත. සමගි ජන බලවේගයේ කණ්ඩායමක් ආණ්ඩුව හා එක්වන බව දැන ගැනීමෙන් පසු එහි නායකයන් දැන් කලබල වී සිටින බව ද හෙතෙම අවධාරණය කළේය.
අසේල කුරුළුවංශ





