Home Politics News Room : රට ගොඩගත හැකි අවසන් අවස්ථාවයි මේ

News Room : රට ගොඩගත හැකි අවසන් අවස්ථාවයි මේ

2
0

දැන් බුද්ධිය ඉවසීම හා වගකීම ඕනෑ

හිටපු ඇමති රවී කරුණානායක

මේ උදා වී තිබෙන්නේ රට ගොඩගත හැකි අවසාන අවස්ථාව බැවින් ජනතාව මේ අවස්ථාවේදී ඉතාම බුද්ධිමත්ව, වගකීම් සහගතව සහ ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතුව ඇතැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජය සෑම ක්ෂේත්‍රයකම ප්‍රතිසංස්කරණ සිදු කරමින් බංකොලොත්භාවයෙන් සහ රාජ්‍ය අසාර්ථකත්වයෙන් රට බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව කියා සිටි ඒ මහතා, මේ මොහොතේ ජනතාව කළ යුත්තේ අවස්ථාවාදී, දේශද්‍රෝහී සහ පටු අරමුණු ඇති බලවේගවලට හසු නොවී රට ගොඩනඟන මෙම වැඩපිළිවෙළට සහාය වීම යැයි ද අවධාරණය කර සිටියේය.

ශිරෝමි අබයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here