අධිකරණයේ නිවාඩු කාලය බැවින් පනතට විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමට ප්‍රති ත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම කල් තැබුවා මිස එය හකුළා නොගත් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.
ප්‍රති ත්‍රස්ත පනත හකුලා ගත්තා කියලා කියනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට යන්න රජය ඉඩ දී තිබෙනවා. අධිකරණය නිවාඩු කාලය තුළ ක්‍රියාත්මක වීම සීමිත නිසා ඒ පනත ඉදිරිපත් කිරීම ප්‍රමාද කර තිබෙනවා. ඔවුන්ගේ විරෝධය මත හකුලා ගත්තා කියලා සමහර පිරිස් කියනවා. එහෙම දෙයක් නැහැ. ප්‍රති ත්‍රස්ත පනත හොඳ නැත්නම් විකල්පය කුමක්ද කියලා කිව යුතුයි. ප්රජාතන්ත්රවාදය පිළිබිඹු කරන්නට, ඒ වගේම පාර්ලිමේන්තුව තුළ වෙනස් මතයන් ඉදිරිපත් කරන්න ඉඩ ප්‍රස්ථාව දී තිබෙනවා. එහෙම නැතුව මේක හකුලා ගැනීමක් සිදු වෙලා නැහැ. මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. මේ පනත යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගන්නට පුළුවන්. ඒ වගේම හදිසි නීතිය තියෙනවා. ඒ යටතේ රඳවා ගෙන ප්‍රශ්න කරන්න පුළුවන්. ජනාධිපතිවරයාට රඳවා තබා ගැනීමේ නියෝග අත්සන් කරන්න පුළුවන්. දේපොළ රාජසන්තක කරන්න පුළුවන්. මේ වගේ පුළුල් බලතල දැනට තිබෙනවා. ඊට එහා ගිහින් ප්රජාතන්ත්රවාදී ලෙස මේ පනත ගෙනාවා. උදාහරණයකට වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත්තේ ජනාධිපතිවරයා එම නියෝගය අත්සන් කිරීමෙන්. ප්‍රති ත්‍රස්ත පනත තුළ ඒ සැර බාල කරන්න උත්සාහ කර තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න කියලා මානව හිමිකම් සංවිධාන කිව්වා. පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ මහේස්ත්රාත්වරයකුට ඉතාම ස්වාධීනව කටයුතු කරන්න මේ යටතේ පුළුවන්. අධිකරණය සහ පොලිසියට නිදහස් කිරීමේ බලය ලබා දීලා තිබෙනවා. ඒ වගේම යමෙකුට නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ප්‍රවේශ වෙලා කටයුතු කරන එක පහසුයි. ජනාධිපතිවරයා සමඟ කටයුතු කරනවාට වඩා ඒ දෙය වඩාත් ප්රගතිශීලියි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වන්නට පෙර අවස්ථා 5 කදී අගමැතිවරයා විදිහට ක්‍රියා කළා. ඒ හැම අවස්ථාවකදීම සිංහල හින්දු අවුරුදු උත්සව, නත්තල් උත්සව, රාමසාන් උත්සව වෙසක් සහ පොසොන් උත්සව, හින්දු උත්සව ආදී සෑම ජනතාවක්ම නියෝජනය කරන උත්සව අවස්ථා නිසි පරිදි කර ගෙන යාමට ජනතාවට ආර්ථික ශක්තිය ලබා දුන්නා. පසුගිය මැයි මාසෙදි රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාර ගත්තේ පතුල හිල් වුණු මුට්ටියක්. ආර්ථිකය කඩා වැටිලා, රට බංකොලොත් වෙලා, තෙල්, ගෑස් පෝලිම් ඇති වෙලා රට ව්‍යාකූල වෙලා, මිනිස්සු අසමගි වෙලා, නොසන්සුන් වෙලා ඉන්න මොහොතකයි රට බාර ගත්තේ. නමුත්, ඉතාමත් කෙටි කාලයකින් රට නැවත ස්ථාවර කර, සිංහල හින්දු අවුරුදු උත්සවය පෙර තිබුණාට වඩා හොඳ තත්ත්වයක තිබෙන රටක් තුළ සමරන්නට හැකියාව උදා වෙලා තිබෙනවා. සියයට සියයක් ගැටලු විසඳිලා නැති වුවත්, රටේ බදු මිල අඩු කරන්නට, රට සමගි කරන්නට, නීතිය සාමය ස්ථාපිත කරන්නට, ඉන්ධන හිඟය නැති කරමින්, අදාළ ඉන්ධන ලබා ගැනීමේ කෝටාව වැඩි කරමින්, මිල අඩු කරමින් ජනතාවට සහන ලබා දෙන්නට කටයුතු කර තිබෙනවා.මේ සමර්ථකම තිබෙන්නේ රනිල් වික්රමසිංහයන්ට පමණයි.
අපේ විදේශ ප්‍රේෂණ තත්ත්වය පහළට වැටිලා තිබුණා. උද්ධමනයෙන් අන්තිම ස්ථානයේ සිට දෙවෙනියා බවට පත් වුණා. ඒ තත්ත්වයෙන් අද ඉදිරියට ඇවිත් තිබෙනවා. 2030 වෙනතෙක් රනිල් වික්‍රමසිංහ මහතා මේ රට පාලනය කළොත්, මේ රට තුළ දියුණු රාජ්‍යයක සුවය ඔබට ලබා ගන්නට හැකි වෙනවා . එක එක අයගේ මනස්ගාතවලට රැවටිලා උද්ඝෝෂණ කරමින් අප ක්‍රියාත්මක වුණොත් පහුගිය මැයි මාසයේ තිබුණු තත්ත්වයට ඇද වැටෙයි. මේ රටේ රනිල් වික්‍රමසිංහ මහතා තරම් රට ගොඩ ගන්න කිසිම නායකයෙක් මේ මොහොතේ දේශපාලන තලයේ නැහැ.
ශිරෝමි අබයසිංහ