රාජ්‍ය දේපොළ විකුණා රට හදන්න බෑ
ජවිප ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
“රජයේ දේපොළ විකුණලා කොහොමද රට හදන්නේ? එහෙම නම් අපේ රට අමෙරිකාවටත් වඩා දියුණු වෙලා තියෙන්න ඕනෑ. තව මාසයක් දෙකක් යනකොට සජිත් මහත්තයා රනිල් මහත්තයා ළඟ නතර වෙනවා.Ó යැයි ජවිෙප ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ මාතලේ මඩවල සපුමල් උයන ප්‍රදේශයේ ජනහමුවකදීය. ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
Ò1977 ඉඳලා ලංකාව සතු දේවල් විකුණලා තියෙන්නේ. ආයතන 88ක්, කර්මාන්තශාලා සහ වතු, ඔරුවල වානේ කම්හල, කැලණි ටයර් කම්හල, තුල්හිරිය පෙහෙකම්හල, කන්තලේ සීනි කර්මාන්තශාලව, පූගොඩ පෙහෙකම්හල, ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාව ආදී සියලු දේ විකුණලත් රට හැදිලා නැහැ. කවදාවත් විකුණලා රට හදන්න බැහැ. පාඩු ලබන ආයතන සියල්ල විකුණන්න ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ඒකට තියෙනවා ඉක්මන් ඩොට් එල් කේ. අවශ්‍ය වන්නේ පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වයට ගේන්න පමණයි. මේ ගමන නතර කළ යුතුයි. රනිල්ට රට හදන්න බැහැ. ණය ගන්න විතරයි පුළුවන්. ඒ වගේම මහින්ද රාජපක්ෂට වැඩපිළිවෙළකුත් නැහැ.”
උකුවෙල සංචාරක – ප්‍රියන්ත සුමනසේන