ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්
පාසල් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සාධනීය පරිවර්තනයක් සිදු කර ඒ ඔස්සේ වෘත්තීය නිපුණතා සහිත දරු පරපුරක් බිහි නොකළහොත් ඉදිරියේදී අධ්‍යාපන පද්ධතියෙන් බිහි කරන දරු පරපුරෙන් රටට හෝ ලෝකයට ඵලදායී මෙහෙවරක් ඉටු නොවන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.
විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යා, කලාව හා ගණිතය යන විෂයන් සම්බන්ධ න්‍යායාත්මක දැනුම පන්ති කාමර හා විද්‍යාගාරවලදී මෙන්ම ඉන් පිටතදී මොඩියුලර් සහ ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ නිපුණතා පාදකව ලබා දෙන ස්ටීම් අධ්‍යාපන සංකල්පය ඔස්සේ ඉදිරියේදී පාසල් ඇතුළු මෙරට අධ්‍යාපන පද්ධතියෙන් සමාජගත වන දරුවන් වෘත්තීය අධ්‍යාපනයෙන් ද සන්නද්ධ කරන බවත්, ඊට අඩිතාලම දමමින් පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේදී සියලු පළාත් සම්බන්ධීකරණයෙන් එහි මූලික අදියර ආරම්භ කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
‘ශ්‍රී ලංකා ස්කිල්ස් – එක්ස්පෝ 2023’ (‘Sri Lanka Skills Expo 2023’) නමින් 2023 මැයි මස 12, 13 සහ 14 දිනයන්හි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවැත්වෙන නිපුණතා ප්‍රදර්ශනය පිළිබඳ පූර්ව මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා පෙරේදා (06) මේ බව පැවසීය.
සන්ධ්‍යා කරුණාරත්න