ඡන්ද තියපු පාලකයන් දැන් ඡන්ද මඟහරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (5) කළුතරදී පැවැති ජනහමුවක් අමතමිනි.
මෙහිදී වර්තමානයේ පොදුජන අරගලය පෙරට පැමිණ තිබෙන බවත්, ජනතාවගේ බලය පිළිබඳ අවබෝධ කර නොගත් පාලකයන් විවිධ බොරු ප්‍රචාර කරමින් ජනතාව රවටන බවත් සඳහන් කළ නලින්ද ජයතිස්ස මහතා ජනතා බලය ඉදිරියේ පසුගිය වකවානුවේ ජනාධිපතිවරයකුට බලය අත්හැරීමට සිදු වූ බවද ප්‍රකාශ කළේය.
රෝහණ විජේවීර මහතා ඇතුළු තරුණ කණ්ඩායමක් අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැඟුවේ රටේ පවතින ධනපති පාලනය වෙනස් කර, ජනතාවට සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට යයිද මෙහිදී සඳහන් කළ නලින්ද ජයතිස්ස මහතා එදාට වඩා අද ඒ දේශපාලන අවශ්‍යතාව මතු වී තිබෙන බවද පැවසීය.