Home Politics News Room : විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික කාරක සභාවේ සභාපති...

News Room : විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික කාරක සභාවේ සභාපති මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි

2
0

විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පසුගියදා (22) ඒකමතිකව පත් කරනු ලැබීය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා විසින් හෙක්ටර් අප්පුහාමි මහතාගේ නම යෝජනා කරන ලද අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා එය ස්ථිර කළේය.

සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය වැනි ආයතන සිය ක්‍රියාකාරී සැලැස්ම සහ අය-වැය සැලැස්ම කමිටුව හමුවේ ඉදිරිපත් කිරීම සඳහා කාරක සභාව හමුවට කැඳවීමට අදහස් කරන බව එහිදී නව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප් විතාන, එම්. ඩබ්ලිව්. ඩී. ඉෂාක් රහුමාන්, සමන්ප්‍රිය හේරත්, එස්. එම්. මරික්කාර්, ෆයිසාල් කාසිම් මහත්වරු මේ කමිටුවය සහභාගිවී සිටියහ.

ස්වර්ණා විජේකෝන් සහ නුවන් කොඩිකාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here