පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන
රජයේ පාඩු ලබන ආයතන තව දුරටත් මහජන මුදලින් නඩත්තු කළ යුතු නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත ඊයේ (02) අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේද පැවසීය.
අද ඇතැම් අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලැබුණු සහයෝගය විවේචනයට ලක් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාදාමය දිගුකාලීන වැඩසටහනක් බව මතක තබාගත යුතුයි. රටක් ණයක් ලබා ගන්නා විට ඒ රටට ස්ථාවර වැඩපිළිවෙළක් තිබිය යුතුයි. වසර 25කට වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවක් තුළින් අපේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයමු කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ එනිසයි. 2026 දක්වා කෙටි කාලීන වැඩසටහනකුත්, 2032 දක්වා දිගුකාලීන වැඩසටහනකුත් ඉදිරි ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා. 2048 වසර වන විට ශ්‍රී ලංකාව ආසියාවේත්, ලෝකයේත් ඉහළ තැනකට ඔසවා තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අරමුණයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඔසවා තබන්න හදන්නේ බංකොලොත්භාවට පත්ව තිබූ රටක්. ශ්‍රී ලාංකික සමස්ත මහජනතාව ඒ සඳහා සහයෝගය ලබාදිය යුතුව තිබෙනවා.
මේ මොහොත වන විට සියලු භාණ්ඩවල මිල ගණන් අඩු වෙමින් තිබෙනවා. පසුගිය පාලන සමය තුළ සොයාගන්නට නොහැකිව තිබුණු පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් අද අඛණ්ඩ සැපයුම ලබාදෙන ගමන් ඒවායෙත් මිල ගණන් අඩු කර තිබෙනවා.
සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළ කිහිපයක්ම දියත් කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ජනාධිපතිතුමා විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබෙන අවස්ථාවක ඒ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න අද ඇතැම් අය උත්සාහ කරනවා. ඒ පිළිබඳවත් ජනතාව ඉතා කල්පනාවෙන් සහ අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි. කිසිම කෙනකුට තමන්ගේ පටු අරමුණ වෙනුවෙන් රට ගොඩනඟන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න ඉඩ දිය යුතු නැහැ.
රජය සම්පූර්ණයෙන්ම ව්‍යාපාරවලින් ඉවත් විය යුතුයි. පෞද්ගලික අංශයට සම්පූර්ණයෙන්ම ව්‍යාපාරවලින් ඉදිරියට යෑමට අවස්ථාව දිය යුතුයි. ඒ ව්‍යාපාරවලින් බදු අය කර රට ආරක්ෂා කරගත යුතුයි. නිදහසින් පස්සේ ගත වූ කාලය තුළ රාජ්‍ය ආයතනවලින් රටට ට්‍රිලියන ගණනක පාඩුවක් සිදුවෙලා තිබෙනවා. රටේ මහජනතාවට මේ ගැන අවබෝධයක් නැති වුණාට, ගමේ ඉන්න ගොවියන්, ධීවරයන්, වඩු කාර්මිකයන් වගේ සියලුදෙනාම දුක් මහන්සියෙන් හම්බ කරන මුදලින් රජයේ ආයතන නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් ගෙවා තිබෙනවා. තවදුරටත් ඔබ එසේ රජයේ ආයතන නඩත්තු කළ යුතු නැහැ. ඒ ක්‍රමවේදයට අප දැන්වත් තිත තැබිය යුතුයි. එවිට සෞඛ්‍යයට, අධ්‍යාපනයට වගේ වැඩිපුර මුදල් ප්‍රමාණයක් යොදවලා ඒවායේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරන්න හැකි වෙනවා.
මෙවැනි වැඩ කොටස් ගණනාවක් රටේ දියුණුව වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරියට ගෙන යන අවස්ථාවකදී විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් මැතිවරණයක් ඉල්ලා ජනතාවගේ මුදල් ඒ සඳහා යොදවා නැවත රට අරාජික කිරීමේ උත්සාහයක නියැළෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ මැතිවරණ පැවැත්විය යුතුයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ මැතිවරණයකට පෙර රටේ තිබෙන වාතාවරණය පිළිබඳ හොඳින් සොයා බැලිය යුතුයි. ජනතාවට අවශ්‍ය කරන්නේ ජීවත් වීමේ අයිතියයි. ඒ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා මේ වන විටත් විශාල වැඩකොටසක් කර තිබෙනවා. අද රටේ ජනතාව භුක්ති විඳින්නේ ඒ නිදහසයි.
මේ අවුරුද්දේ අප සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න හදන්නේ අවුරුදු තුනකට පසුවයි. පසුගිය අවුරුදු තුනේම අපට සිංහල, හින්දු අලුත් අවුරුද්ද සමරන්න නොහැකි වුණා.
වසර තුනක කාලයක් තිස්සේ විනාශ වී බංකොලොත් වූ රටක් ඉතාම කෙටි කාලයක් තුළ නැවත යථා තත්ත්වයට පත් කරමින් තිබෙනවා. ජනතාවට මෙවැනි තත්ත්වයක් මේ තරම් ඉක්මනින් උදාකර දෙන්න, වාසනාවකට අපේ රටේ ජාතික නායකත්වයක් ඉතිරි වෙලා තිබුණා. ඒ රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකත්වයයි. තවදුරටත් ජනතාව ඉන් ප්‍රයෝජන ගත යුතුයි.
ශිරෝමි අබයසිංහ