Home Politics News Room : පළාත් පාලන ඡන්දය තිබ්බොත් දේශපාලන පරිවර්තනයක් ඇති වෙනවා

News Room : පළාත් පාලන ඡන්දය තිබ්බොත් දේශපාලන පරිවර්තනයක් ඇති වෙනවා

2
0

අනුර කුමාර දිසානායක

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් රට තුළ නව දේශපාලන පරිවර්තනයක් ඇති වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (01) කොළොන්නාව ආසන සමුළුව අමතමිනි.

දූෂිත ප්‍රභූ පෙළැන්තියක් රටේ පාලන බලය අල්ලාගෙන සිටින බවට මෙහිදී චෝදනා කළ දිසානායක මහතා ජාවාරම්කාර කණ්ඩායම්, ඇතැම් මාධ්‍ය කණ්ඩායම්, පාතාල කණ්ඩායම් ඔවුන් සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවද සඳහන් කළේය.

මෙම දූෂිත කණ්ඩායම් බලය ලෙහෙසියෙන් අත්නොහරින බවද මෙහිදී ප්‍රකාශ කළ අනුර කුමාර දිසානායක මහතා මේ වන විට ජන බලය පවතිනුයේ මාලිමාව සතුව යැයිද සඳහන් කළේය. මෙම තත්ත්වය හේතුවෙන් විරුද්ධ කණ්ඩායම් මාලිමාවට පහර එල්ල කරන බවද ජාතික ජන බලවේගයේ නායකයා තවදුරටත් සඳහන් කළේය.

 

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here