Home Local News Room : “ආණ්ඩුවේ කණ්ඩායමක් විපක්ෂයට එනවා” – මව්බිම

News Room : “ආණ්ඩුවේ කණ්ඩායමක් විපක්ෂයට එනවා” – මව්බිම

7
0

සමගි ජන බලවේගයේ එකදු සාමාජිකයෙකු හ ආණ්ඩුවේ අසුන් ගැනීමට සූදානම් නොමැති බව ත් නුදුරේදී ම ආණ්ඩු පක්ෂයේ තවත් කණ්ඩායමක් ස්වාධීනව විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව ත් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

එම තත්ත්වය පිළිබඳව තැතිගෙන ඇති ආණ්ඩුව විවිධ ක්‍රම උපයෝගී කර ගනිමින් විපක්ෂයෙන් විශාල පිරිසක් ආණ්ඩුවට එක්වෙනවා යැයි කිසිදු පදනමක් නොමැතිව ප්‍රචාරයක් ගෙනයන බව ද හෙතෙම කීය.

ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන ඔවුන්ට සහයෝගය ලබාදුන් 34 දෙනෙකු පසුගිය වසරේ විපක්ෂයේ අසුන් ගත් බව ත් ඔවුන් අද වන විට විපක්ෂය සමග කටයුතු කරන බව ත් ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව, ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් 157 දෙනෙකු සිටිය නමුත් අද වන විට එම සංඛ්‍යාව 123ට අඩු වී ඇති බව ත් ආණ්ඩුවට සහාය පළ කරමින් සිටි 34 දෙනා මෙලෙස විපක්ෂයට එකතු වූ ආකාරයට තවත් පිරිසක් විපක්ෂයට එකතු වීමට සූදානම් බව ත් ඔහු පැවසීය.

විවිධ ආකාරයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කර ගැනීමට ආණ්ඩුව සැලසුම් සකස්කර තිබුණ ද එය කිසි විටෙක සාර්ථක නොවන බව ද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here