Home Politics News Room : කර්මාන්ත සංවර්ධනයට වාර්ෂිකව වෙන්කර ඇති මුදල් ඉතා අවමයි

News Room : කර්මාන්ත සංවර්ධනයට වාර්ෂිකව වෙන්කර ඇති මුදල් ඉතා අවමයි

3
0

කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ලද MEZCLAR – 2023 කර්මාන්ත හා වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්‍ පෙරේදා (30) මැරීන් ඩ්‍රයිව් හි මරීනෝ බීච් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ශාස්ත්‍රීය අංශය හා කර්මාන්ත අතර පරතරය පියවමින් තිරසර ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ අරමුණෙන් මෙය සංවිධාන කර තිබූ අතර, ඒ හරහා ශාස්ත්‍රීය දැනුම හා කර්මාන්ත අතර බැඳීම ශක්තිමත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව විය. එමෙන්ම දේශීය කර්මාන්තයන් නඟාසිටුවීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ කර්මාන්ත අතර, සහයෝගීතාවන් දිරිමත් කිරීමත්, එමඟින් රටේ සංවර්ධනයට ගාමක බලයක් සැපයීමත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතර විය. ඒ වෙනුවෙන් ඉංජිනේරු පීඨයේ හැකියාවන් සහ පුහුණු වැඩසටහන් පිළිබඳව දැනුම්වත් කිරීම් සහ ඒ පිළිබඳව සංකථනයක් ගොඩනැඟීම ද සිදු විය.

එම සංකථනයේදී කර්මාන්ත හා ශාස්ත්‍රීය අංශය සමඟ තිරසර ආර්ථික වර්ධනයක් ඇති කරන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිළිබඳවත්, විශ්වවිද්‍යාලය සහ කර්මාන්ත අතර සහයෝගීතාව උත්තේජනය කරමින් අනාගතයේදී කර්මාන්ත නඟාසිටුවීමට යන තරුණ උපාධිධාරීන්ට වැඩි අවස්ථා නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබඳවත් පුළුල්ව කතා කෙරිණි.

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ මෙතෙක් සියලු රජයන් කර්මාන්ත සංවර්ධනය උදෙසා වාර්ෂිකව වෙන්කර ඇති මුදල් ඉතා අවම ප්‍රමාණයක පැවැති බවත් ඒ හේතුවෙන් අනෙක් ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වී නැති බවත්ය. ඉදිරියේදී මේ තත්ත්වයන් වෙනස් කර වැඩි ආයෝජනයක් කර්මාන්ත ක්ෂේත්‍රය වෙත ලබා දිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් තමා කටයුතු කරන බවද සඳහන් කළේය.

උදුලා පීරිස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here