මන්ත්‍රී අශෝක් අබේසිංහ
එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යද්දී ජනතාවට ඒ ගැන දැනුමක් නොතිබුණත් මෙවර කුඩා දරුවා පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු කුමක් දැයි අවබෝධයෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පසුගියදා (27) පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“මේ ආර්ථික අර්බුදය ඇති වෙන්න පෙර සමඟි ජන බලවේගය විදිහට අපි පාර්ලිමේන්තුවේදී ඇහුවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ප්‍රමාද ඇයි කියලා. මොකද අපි දැනගෙන හිටියා, මේ ප්රශ්නය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැතිව විසඳගන්න අපහසුයි කියලා. මේ වෙනකොට අපේ රට අවස්ථා දාහතක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගෙන ඒ වැඩසටහනට සහභාගි වෙලා තියෙනවා. එයින් දැනට අවස්ථා දහයක් අසාර්ථක වෙලා, හයක් පමණක් සාර්ථක වෙලා තියෙනවා.
2016 සිට 2020 දක්වා එවකට හිටපු ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් තිබුණා. එම අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යද්දී ජනතාවට ඒ ගැන දැනුමක් තිබුණේ නෑ. නමුත් මෙවර කුඩා දරුවා පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මොකක්ද කියලා දන්නවා. මෙවර අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපේ වැඩසටහන ඉදිරිපත් කළේ සහ ඔවුන් එය පිළිගන්න තීරණය කළේ රට බංකොලොත් වුණාට පසුවයි.”