ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනා දියත් කරන විට ඇතිවන ජනතා විරෝධතා මර්දනය කිරීමට දැන් ත්‍රස්ත විරෝධී පනත නමින් ප්රජාතන්ත්ර විරෝධී පනතක් ආණ්ඩුව ගෙනත් තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.
එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා දිනෙන් දින ක්‍රියාත්මක වනවිට විදුලි බිල. බදු බර වැඩි වනවිට ජනතාවගේ ජීවන බර වැඩි වී තිබෙනවා. රාජ්‍ය ආයතන පෞද්ගලික කරණය වෙමින් තිබෙනවා. එහිදී පාඩු ලබන ආයතන වෙනුවට දහස් ගණන් සේවකයන් ජීවත් කරවන අධික ලාබ ලබන ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතන විකුණා දමන්න පිඹුරුපත් සකස් වෙමින් පවතිනවා.