Home Politics News Room : කවුරු බලයේ සිටියත් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යා යුතුයි

News Room : කවුරු බලයේ සිටියත් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යා යුතුයි

5
0

ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල

කුමන ආණ්ඩුවක් බලයේ සිටියත් මෙරට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යා යුතු බවත්, ඒ සඳහා සියලු අභියෝග හමුවේ වත්මන් ආණ්ඩුව උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත් සෞඛ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවැසුවේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (27) කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති සෞඛ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැකසීම සඳහා වූ උපදේශන සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“නිදහසින් පසු බරපතලළම අභියෝග රැසකට රට මෑත කාලීනව මුහුණ දුන්නා. එහිදී ප්‍රමුඛතම අභියෝගවලට මුහුණ දීමට සිදු වූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට. ඒ තුළ කළ හැකි සියලු කැපවීම් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් තවදුරටත් කරනවා. වසර 1932 සිට මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතිනවා. එය සමාජ වගකීමක් ලෙසින් සියලු ආණ්ඩු ඉදිරියට පවත්වා ගෙන යා යුතුයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තත්ත්වය මේ වන විට බොහෝ දුරකට කළමනාකරණය කර ගනිමින් සිටිනවා. නිදහස් සෞඛ්‍ය සේවාව තුළ රටේ සෞඛ්‍ය සේවා සපයන ප්‍රමුඛයා රජය. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here