අපේ රට ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ සිහිනය සැබෑ කිරීමේ වගකීම සමගි ජන බලවේගය බාර ගන්නා බවත් ඒ සිහිනය යථාර්ථයක් වන දින වටිනාමක් ඇති සුහුරු තාරුණ්‍යයක් නිර්මාණය කර තිරසර සංවර්ධනය වැඩසටහනක් තුළින් වටිනාමක් ඇති අගයක් ඇති රටක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේග රජයක් තුළ සිහින මාලිගා තැනීම නොව එම සිහින මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට රටේ පොඩි මිනිසාගේ සිට ඉහළම තැන දක්වා සියලු පාර්ශ්වයන් සහභාගීත්වයෙන් සංවර්ධන කටයුතු සිදු කර රට පොහොසත් කරන රට සංවර්ධනය කරන ඒ ගමන දියත් කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද වන විට රටේ ග්‍රාමීය දුප්පතුන් පමණක් නොව නාගරික දුප්පතුන් ද බිහිව ඇති බවත් සෑම පාර්ශ්වයකටම මේ අධික බඩු මිල ආදිය දරා ගත නොහැකි බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ සමාජ හිතෛශී මානුෂීය ධනවාදී ක්‍රමවේදය තුළ දුගී දුප්පත්කම තිරසරව ඉවත් කිරීම බවත් දුප්පතුන් රජයේ යැපෙන්නන් වහලුන් බවට පත් නොකර සීමාසහිත කාලවකවානුවක් තුළ දුප්පත් ජනතාවට ලබා දිය හැකි උපරිම ශක්තිය ලබා දීම දුප්පත්කම තුරන් කිරීමේ දැවැන්ත සැකැස්මකට සූදානම් බවත් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා ඔබේසේකරපුර පැවැති ජන හමුවකට එක්වූ අවස්ථාවේ දීය.
අපි ලොක-ු සටනක් කර නීති ක්ෂේත්රයේ අධ්‍යාපනය ලබන දු දරුවන්ට ස්වකීය භාෂාව උපයෝගී කර ගෙන විභාගවලට මුහුණ දීමේ අවස්ථාව ලබා දුන් නමුත් මධ්‍ය කාලිනව දීර්ඝ කාලීනව අපි තරයේ විශ්වාස කරනවා ඉංග්‍රීසි භාෂා ප්‍රවේශයට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඒ දූ දරුවන්ට අසාධාරණයක් දුටු තැන ඔවුන් වෙනුවෙන් පෙනී සිටියත් සමගි ජන බලවේගයේ අපි ඒ සදහා සහයෝගය දුන්නේ යම් පදනමක් මත බවත් අප රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සිදු කරමින් ඉංග්‍රීසි හා පරිගණක තොරතුරු තාක්ෂණය අපේ රටේ පාසල් සියල්ලගේම 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට ලබා දීමේ අවස්ථා ඇති කළ යුතු බව ද පැවසීය.
දේශීය ශ්‍රම වෙළෙඳපොළ පමණක් නොව ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන ශ්‍රමිකයන් බුද්ධිමතුන් බිහි කළ යුතු බවත් දෙමාපියන්ටත් ලෝකයේ දියුණු රටවල තාරුණ්‍යය ඉගෙන ගනු ලබන දේ අප රටේ දරුවන්ට ලබා දෙන්නට කැමැත්තක් ඇති බවත් ඒ කැමැත්ත, ඒ සිහිනය සඵල කරන රටක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.














