Home Local News Room : ශවේන්ද්‍ර ගැන පොහොට්ටුව කනස්සල්ලෙන් – මව්බිම

News Room : ශවේන්ද්‍ර ගැන පොහොට්ටුව කනස්සල්ලෙන් – මව්බිම

2
0

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා තවදුරටත් හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරේ රැඳී සිටීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් ‘මව්බිම’ට පැවසීය.

පසුගිය 2022 මැයි 9 වන දා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කරන්නාගොඩ කමිටුව නිකුත් කළ වාර්තාව මගින් එම සිද්ධිය වළක්වා ගැනීමට නිසි පරිදි ක්‍රියා නොකළ බවට ශවේන්ද්‍ර සිල්වාට චෝදනා එල්ල වී ඇති නිසා ඔහු තවදුටත් ආරක්ෂක මණ්ඩලයේ සිටිනවා ද? නැද්ද? යන්න පිළිබඳව තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් පොදුජන පෙරමුණ නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත බව ද එකී පොදුජන පෙරමුණ ජ්‍යෙෂ්ඨයා පැවසීය.

අදාළ කමිටු වාර්තාව පසුගිය මස 24 වන දා නිකුත් කර තිබූ අතර, එමගින් හිටපු හමුදාපතිවරයාට චෝදනා රැසක් එල්ල කර තිබූ බව ද එමගින් මැයි 9 වන දින ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිදු නොවන ලෙසට ඔහුගේ වගකීම් හරි හැටි ඉටු නොකර ඇති බවට ඔප්පු වී ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.

මෙම කරුණ සම්බන්ධව ඉතා නුදුරේදී ම විශේෂ සාකච්ඡාවක් පවත්වා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි නිගමනයකට ඒමට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව ද එම පෙරමුණ ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් කීය.

පෙර ලිපියපොලිස්පතිට මාස 3ක සේවා දිගුවක්
ඊලග ලිපියපළාත් පාලන ආයතනවල වැඩ බලන්න ජනපතිගෙන් කමිටුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here