Home Local News Room : IMF විරෝධතා ඇරඹේ! තෙල් සංස්ථාව දැන් ලාබ ලබනවා! විකුණනවාට...

News Room : IMF විරෝධතා ඇරඹේ! තෙල් සංස්ථාව දැන් ලාබ ලබනවා! විකුණනවාට එරෙහිව සේවකයන් අද උදේ සිට උපවාසයක් පටන් ගත්තා! මේ අවුරුද්දේ වෙන්න යන විශාලතම දූෂිත-නින්දිතම-තුප්පහිම ගනුදෙනුව මේක!

7
0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කොටස් විකිණීමට එරෙහිව අද (27) උපවාසයක් ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමය පවසයි.

එහි සභාපති ජගත් විජේගුණරත්න මහතා සඳහන් කළේ, අද උදෑසන 7 සිට සිය උපවාසය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමය සභාපති ජගත් විජේගුණරත්න මහතා,

“අද වෙනකොට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉතාමත් හොඳින් ලාභ ලබනවා. මෙහෙම තියෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කිසිම හේතුවක් තැතුව ඒ සංස්ථාවට අයිති ඉන්ධන පිරවුම්හල් 600කට අධික ප්‍රමාණයක් පිටරට සමාගම්වලට පවරලා දෙන්න යනවා. මේ ගනුදෙනුව තමයි මේ අවුරුද්දේ වෙන්න යන විශාලතම දූෂිත, නින්දිතම තුප්පැහිම ගනුදෙනුව. මොකද මේ ගනුදෙනුවෙන් කිසිම ඩොලරයක් මේ ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ. අපිට ආරංචි ළඟදිම මේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න යනවා කියලා. ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්නේ මේ ජාතීද්‍රෝහී ක්‍රියාව පරාජය කරන්න අපි තෙල් සංස්ථාව වෘත්තීය සමිති අද උදෑසන සිට උපවාසයකින් මේ විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරනවා. අපි සියලුම ඛනිජ තෙල් සේවකයින්ට ආරාධනා කරනවා පක්ෂ භේද, වෘත්තීය සමිති භේදයකින් තොරව අපේ තෙල් සංස්ථාව බේරගෙන අපේ රැකියා ටික සුරක්ෂිත කරගැනීමේ සටනට එකතුවෙන්න කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here