මාර් 28, 2023 01:00
සජිත්ගේ ඉංග්‍රිසි සුද්දන්ට තේරෙන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
මේ නිසා සජිත් මොනාද කියන්නේ බලන්න සුද්දෝ ඩික්ෂනරිය පෙරළනවා යැයිද ඒ මහතා ජන රැළියකදී පැවසීය.
ඒ මහතා මෙසේ ද කීවේය.
සජිත්ගේ ඉංග්‍රිසි සුද්දන්ට තෙරෙන්නේ නැහැ. උන් ඩික්ෂනරිය පෙරලනවා මොනවද මේ කියන්නේ කියලා බලන්න. මම අහගෙන සජිත් මහත්තයා කියනවා මාලිමාවට ඡන්දය දෙන්න බැහැ වැඩක් නැහැ. මොකද ඒ ගොල්ලන්ට ජාත්‍යන්තර සබදකම් නැහැ. එයාට ඡන්දය දෙන්නලු එයාට පුලුවන්ලු ඉංග්‍රිසියෙන් කතා කරලා ආධාරයක් ඉල්ලා ගන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා රට හදන්න එන්නේ සුද්දන්ට ඉංග්‍රිසියෙන් කතා කරලා. සුද්දන්ගෙන් ආධාරයක් ඉල්ලගෙන යැයි ද කීවේය.