Home Local News Room : විපක්ෂනායක මේ රටේ දරුවන් වෙනුවෙන් කරන සටන යළි අරඹයි!...

News Room : විපක්ෂනායක මේ රටේ දරුවන් වෙනුවෙන් කරන සටන යළි අරඹයි! නැදිගම්වල කණිෂ්ඨ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දෙමින් ගොඩ දෙනකුට අමතක පහුගිය දේවලුත් මතක් කර දෙයි! PHOTOS & VIDEO

8
0

රටේ අධ්‍යාපනය ගැන අධ්‍යාපනයේ නව ප්‍රවණතා ගැන කතා කරන විට තවත් පිරිසකට එය විහිළුවක් වුවත් තමා කියන්නේ සැබෑ සත්‍යයක් බවත් කොරෝනා පැමිණි අවධියේ පැණියට වඩා එන්නත් ගේන්න කිව්වත් එය තැකීමකට ලක් නොකර පැණියක් පසුපස ගිය නිසා වැඩි මුදලක් වෙන් කර එන්නත ගෙන ඒමට සිදු වූ බවත් බෙහෙත් ගේන්න කිවූ අවස්ථාවේත් හැමදේම විහිළුවට බාර ගත් බවත් ඒ තුළින් රට බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බංකොලොත් යැයි කිය කියා සිටීමෙන් බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නොහැකි බවත් ඒ සදහා සිදු කළ යුත්තේ රටක් ලෙස මීට වඩා ශක්තිමත් විය යුතු බවත් පුද්ගලයන් ලෙස මීට වඩා කඩිසර විය යුතු බවත් ඉන් අපේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතු බවත් ඒ සමඟම සුහුරු අධ්‍යාපන ක්‍රමයක් සදහා යොමු විය යුතු බවත් ඒ තුළින් ලෝකයේ අංක 1 රට බවට අපේ රට පත් විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) හම්බන්තොට නැදිගම්මල කණිෂ්ට විද්‍යාලයේ පැවැති උත්සවයක දී පැවසීය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 23 වන පියවර ලෙස රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් (රු. 924,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ මෙලෙස හ/ නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති පී.එන්.එම්. කුමාරසිංහ මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මීට පෙර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා අදියර විසි දෙකකදී සක්වල හරහා රුපියල් ලක්ෂ 17,881,650.00ක් වටිනා පරිගණක තාක්ෂණික පුවරු පරිත්‍යාග කොට තිබේ.

එමෙන්ම සක්වළට සමගාමීව පාසල් හැත්තෑවක් සඳහා රු.339,200,000.00ක් වටිනා බස්රථ 70ක් පාසල් සඳහා පරිත්‍යාග කොට තිබේ.

එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ සුහුරු පන්ති කාමර උපාංග ලබා දීමේ අරමුණ වන්නේ පාසල් තුළ නොලේජ් හබ් එකක් ඇති කිරිම තුළින් නව ලොවට අපේ රටේ දරු පරපුර විවෘත කිරිම බව යි.

එසේ ම රජයේ පාසල්වල අනුගමනය කරන විෂය නිර්දේශ දෙස බලන විට පෙනී යන්නේ අපේ රටේ ඇත්තේ යල්පැන ගිය විෂය නිර්දේශයක් හා කටපාඩම් කරන විෂය නිර්දේශයක් නමුත් ලෝකයේ සිදුවන ප්‍රායෝගිකව අභියෝග ජය ගන්නා නිපුණතාවක් ලබා දිය යුතු බවත් ප්‍රශ්නවලට විසදුම් ලබා දෙන්නන් බවට පත්වන තරුණයන් බිහි කර යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අන්තර්ජාලය හරහා යම් යම් විෂම බලවේග ක්‍රියාත්මක වුවත් ඒ සදහා වන ආරක්ෂක පියවර ගෙන දරුවන්ට ඒ සදහා යොමු වීමේ හැකියාව ලබා දිය යුතු බවත් පරිගණක දැනුම ලබා දෙන ගුරුවරුන්ට හොද දැනුමක් ලබා ගත හැකි ක්‍රමයක් ඇති කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ තුළින් පාසල් සිසුන් තුළ තොරතුරු තාක්ෂණ සවිබලගැනීමක් සිදු කිරීම අපේක්ෂා කරන බව යි.

සුහුරු තාරුණ්‍යය සුහුරු පුරවැසිය හා සුහුරු රටක් ඇති කර ලොව දිනන පුරවැසියන් බවට පත් කිරීමේ උත්සාහයක් මේ සක්වල වැඩසටහන තුළින් සිදුවන බවත් ඒ තුළින් ඩිජිටල් හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු බවත් ඊට අමතරව ඉංග්‍රීසි භාෂා කුසලතාව වර්ධනය කිරීම සදහා මලලසේකර ශබ්ධකෝෂණ ගණනාවක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල 23 වැනි වැඩසටහන යටතේ ඓතිහාසික නැදිගම්මල පුරවරයේ නැදිගම්වල කණිෂ්ට විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ සුහුරු පන්තිකාමර කට්ටල ලබා දීම සිදු විය. මැයි මාසයේ 1 වැනි දා වන විට දිවංගත ආර් ප්‍රේමදාස මහතා අභාවයට පත් වී වසර 30ක් ගත වන නිසා එම අනුස්මරණය වෙනුවෙන් කළ හැකි ඉහළම ක්‍රියාව ලෙස එතුමා ආදරය කළ එතුමා ශක්තිය ලබා දුන් පාසල් දූදරුවන් වෙන්වෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අනුස්මරණය කිරීම වෙනුවෙන් සක්වල වැඩසටහන් 30ක් ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here