ත්රස්ත විරෝධී පනත අහෝසි කරන්න බලකරමින් යාපනය නගරයේදී අන්තරේ පසුගියදා සම්මන්ත්රණයක් පැවැත්වූවා.
යාපනයේ සිවිල් හා දේශපාලන ක්රියාකාරීන් ඒකට සම්බන්ධ වුණා.
ඒ වගේම ඩග්ලස් දේවානන්දගේ(EPDP) පක්ෂයේ 25ක වගේ පිරිසක් ප්රාදේශීය සභා සභාපතිවරයෙක් එක්ක ඇවිත් හෝල් එක ඉස්සරහා voice cut එකක් මීඩියා වලට දුන්නා ටිකක් අමාරුවෙන් වැනි වැනී.
එයා කිව්වා එයාලට අපි කියන ප්රශ්න නෑ කියලා. ඒ වගේම අරගලයක් ගැන එයා දන්නේ නෑ කියලා එයාම EPDP කියලා කිව්වා.
ඇත්ත. අපි කියන ප්රශ්න ඩග්ලස්ගේ පක්ශයටවත්, ඒ ආව සභාපතිටවත් නෑ.
තමන්ගේ අතුරුදන් වුණ දරුවට මරණ සහතිකයක් හරි දෙන්න කියන ප්රශ්නය ඩග්ලස්ට නෑ.
PTA එකේ අපි කියන මර්දනය ඒ පක්ෂයට නෑ ආන්ඩුවේ ඔඩොක්කුවේ හුරතල් වෙන නිසා.
ඒ නිසා ඊයේ “යාපනය ජනතාව විරෝධය දැක්වූවා කියන එක…, EPDP පක්ෂය විරුද්ධ වුණා කියලා වෙනස් වෙන්න ඕන. එයාලගේ බල දේශපාලනයට අභියෝගයක් වෙන නිසාම මේක බලාපොරොත්තු විය යුතු තත්වයක්. හැබැයි අපිට ඒක අදාළ වුනේවත් නෑ. සම්මන්ත්රණ සිද්ද වුණා. යාපනේ ඇවිදලා එහේ අය හදලා දුන්න කෑමත් කාල හවස ක්රිකට් එහෙමත් ගහලා කොළඹ ආවා. අපි ආයෙත් ළගදිම යාපනේ යනවා..
ජය.
වසන්තලා යාපනයේදී!
යාපනයේදී ආ විරෝධය!