Home Politics News Room : දෙසැම්බරයට පෙර මැතිවරණයක් එයි | දිනමිණ

News Room : දෙසැම්බරයට පෙර මැතිවරණයක් එයි | දිනමිණ

7
0

එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි තමන්ට සිතෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

නාරාහේන්පිට අභයාරාමයට ඊයේ (27) පැමිණ සිටි හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

කුමන ආකාරයක මැතිවරණයක් පැවැතියද තම කණ්ඩායම ඒ සඳහා සූදානම් බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

ඉතා සාර්ථකව දේශපාලන කටයුතු කරගෙන යන බවත් අවශ්‍ය වෙලාවට සියලුදෙනා එක් වනු ඇති බවත් රාජපක්ෂ මහතා කීවේය.

“මැතිවරණ එපැයි කියලා දේශපාලනඥයන් කියන්නේ නැහැ. අපි සාර්ථක දේශපාලන ගමනක් යන බව” ද ඒ මහතා පැවැසීය.

නුවන් කොඩිකාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here