මගේ තාත්තා මට දුන්න උපදේශය වන්නේ දිනපතා අලුත් ඉංග්‍රීසි වචන දහයක් ඉගෙන ගන්න කියලා. අද මම පාසල්වලට යනවිට බොහෝ වෙලාවට කියන්නේ දිනපතාම අලුත් ඉංග්‍රීසි වචන දහයක් ඉගෙන ගන්න කියා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (27) හම්බන්තොට නැදිගම්මල කණිෂ්ඨ විද්‍යාලයේ පැවැති උත්සවයක දී මේ බව පැවැසීය.
ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. ග්‍රැමර් ස්කිල්ස් ඉගෙන ගන්න. ස්පීකින් ස්කිල්ස්, ස්පෝකන් ඉංග්ලිෂ් ගෙන ගන්න, ඉෆෙක්ටිව් ස්පීකින්ස් ඉගෙන ගන්න. ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමා ඉගෙන ගන්න. විශේෂයෙන්ම ඉතාමත් චතුර ආකාරයට ඉංග්‍රිසි භාෂාව හසුරුවන්නට ඔබ කටයුතු කරන්න. සමහරෙකුට හිතෙනවා ඇති මොනවද මේ කියන්නේ කියලා. යැයිද හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.
බංකොලොත් යැයි කිය කියා සිටීමෙන් ඉන් ගොඩ ඒමට නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ සඳහා සිදු කළ යුත්තේ රටක් ලෙස මීට වඩා ශක්තිමත්වත්, පුද්ගලයන් ලෙස මීට වඩා කඩිසරවත්, අපේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම බව ද කීවේය. ඒ සමඟම සුහුරු අධ්‍යාපන ක්‍රමයක් සඳහා යොමු විය යුතු බවත් ඒ තුළින් ලෝකයේ අංක එකේ රට බවට අපේ රටට පත් විය හැකි යැයිද විපක්ෂ නායකවරයා කීවේය.
රක්ෂණ ශ්‍රියන්ත