රට වෙනස් කිරීමේදී ඉදිරි වසර 6 ඉතා තීරණාත්මක බව ලෝ ප්රකට ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාර මහතා පැවසීය.
ඔක්ස්ෆර්ඩ් සංසදය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සදහන් කළේ අරගලයේ තරුණයන් දේශපාලන වෙනසක් සදහා නැගී සිටීම විශේෂ ලකුණක් බවයි.
එම වෙනස සිදු කරන ආකාරය පිළිබදව දැන් සාකච්ඡා කළ යුතු බවද සංගක්කාර කියා සිටියේය.






