රට ආර්ථික වශයෙන් වැටී ඇති අවස්ථාවක මහජන ධනය නාස්ති කොට උත්සව පැවැත්වීමට එරෙහිව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට හූ තැබූ බව කියන තරුණයා විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දී තිබේ.
එහිදී එම තරුණයා ප්‍රකාශ කරන්නේ පොලිසිය විසින් අභුත චෝදනා නගා තමන් අධිකරණයට ඉදිරිපත් කළද අධිකරණය විසින් පොලිසියට දොස් නගා තමන් ඇප මත මුදා හැරි බවකි.