පේරාදෙණිය සහ රුහුණ විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් තිදෙනකු සිදුකල විමර්ශණයකට අනුව රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුළු මුදලින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් වෙන් කර ඇති බව අනාවරණය වී තිබේ.
රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 69491ක් වන අතර එම මුදලින් රුපියල් කෝටි 33940ක් ආරක්ෂක අංශ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කර තිබේ.
මේ විමර්ශනය කරනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සහ රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි යන මහාචාර්යවරුන් විසිනි.