ඩී. පී. එඩියුකේෂන් වැඩසටහනට අනුබද්ධ “ඩී. පී. කෝඩින් ස්කූල්” සහ “ඩී. පී. කෝඩින් හා රොබොටික්ස් කැම්පස්” ආයතන ශාඛාවන් ඊයේ (25) දිනයේදී ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එළියේදී විවෘත විය.
මීට අදාළව නියමු ව්‍යාපෘති වශයෙන් පසුගිය මාස 05ක කාලය තුළ දිවයින පුරා ස්ථාන 14ක මෙවන් අධ්‍යාපන මධ්‍යස්ථාන පිහිටුවන ලදී. ඒ, කතරගම, සෙල්ල කතරගම, තිස්සමහාරාම, දෙබරවැව, අම්බලන්තොට, බද්දේගම, ගාල්ල, ඇහැළියගොඩ, අනුරාධපුර, වැලිකන්ද, දඹාන, හපුතලේ, මුලතිව් සහ අරුගම්බේ ප්‍රදේශවල ය.
එම නියමු ව්‍යාපෘති 14න්ම ලද සාර්ථකත්වය අනුව 15 වැනි මධ්‍යස්ථානය නුවර එළිය, කටුවාන, බදුල්ල පාරේ ශ්‍රී සීතවනාරාමයේදී හෙට (25) පෙරවරු 08.00 ට ධම්මික පෙරේරා මහතා අතින් විවෘත කෙරේ.
ඉදිරි වසර 3ක කාලය තුළ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 තුළම “ඩී. පී. කෝඩින් ස්කූල්” සහ “ඩී. පී. කෝඩින් හා රොබොටික්ස් කැම්පස්” ශාඛාවන් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර ඒ එක් කැම්පස් ශාඛාවක සිසුන් 500 දෙනෙකු බැගින් දිවයින පුරා සිසුන් 165,000 කට පරිගණක භාෂා අධ්‍යාපනය නොමිලේම හැදෑරීමට වරම් හිමිවනු ඇත.
දිවයින පුරා පිහිටුවන මෙම “ඩී. පී. කෝඩින් හා රොබොටික්ස් කැම්පස්” ශාඛා 331 තුළ පරිගණක යන්ත්‍ර 7,000ක් ස්ථාපිත කෙරෙනු ඇති අතර ඒ ඔස්සේ පරිගණක යන්ත්‍රයක් හෝ අන්තර්ජාල පහසුකමක් නොමැති ඕනෑම දරුවෙකුට තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි “ඩී. පී. කෝඩින් හා රොබොටික්ස් කැම්පස්” ශාඛාවෙන් පරිගණක භාෂා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිකර දීම මෙහි අරමුණ වේ.
එසේම මේ සෑම “ඩී. පී. කෝඩින් හා රොබොටික්ස් කැම්පස්” ශාඛාවකටම, එහි සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා රොබෝ යන්ත්‍ර 04ක් බැගින් ලබාදීමට කටයුතු කෙරේ.
මීට අමතරව, මෙම වැඩසටහනටම අනුබද්ධව ශ්‍රී ලංකාවේ විශාලතම “රොබොටික්ස් ලැබ්” ආයතනය මේ වනවිට කොළඹ, හෝමාගම ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින අතර විශ්ව විද්‍යාල සිසුන් ඇතුළුව මෙම ක්ෂේත්රයට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට එහිදී නොමිලේ “රොබොටික්ස්” අධ්‍යාපනය ලබාදීමට සැලසුම් කර තිබේ.