ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දුන් ණය තමන්ගේ ආණ්ඩුවක් යටතේ නොගෙවන බවට විපක්ෂයේ ඇතැම් දේශපාලන නායකයන් සහ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන බවත්, එයින් ජාත්‍යන්තරය තුළ රට හෑල්ලුවට ලක් වන බවත්, සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (25) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දැක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“IMF ණය මුදල ලැබීමත් සමඟ ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළ යටතේ ජනතාවට සහන ලැබීමට අවම වශයෙන් මාස හයක හතක කාලයක් ගත වෙනවා. දේශපාලනඥයන්ගේ වැරදි තීරණ හේතුවෙන් විනාශ වූ රට රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය සහ දේශපාලන පළපුරුද්දෙන් මේ වන විට සුබවාදී දිසාවකට ගමන් කරමින් තිබෙනවා. ජනතාව පැත්තෙන් කල්පනා කර මේ වැඩපිළිවෙළට සහාය දීමට විපක්ෂයට තාමත් අවස්ථාව තිබෙනවා.”
අසේල කුරුළුවංශ