පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කමිටුව මුණ නොගැසී වරප්‍රසාද කඩවූ බව සදහන් කරමින් විනිසූරුවරුන් පාර්ලිමේන්තුවට කැදවීම සදහා ලිපියක් ගියේ කෙසේදැයි පාර්ලමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ප්‍රශ්න කර සිටියේය.
මෙම වරප්‍රසාද ප්රශ්නය පළමුවර ඉදිරිපත් කිරීමේදී කතානායකවරයා විරුද්ධ වූ නමුත් විනාඩි 30ක් ඇතුළත කතානායකවරයා ඊට අවසර ලබා දුන් බවත් ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම මේ හරහා අධිකරණයට සිදුවන බලපෑමට එරෙහිව ජාත්‍යන්තර නීතී සංවිධාන 3ක් ඉදිරිපත් කළ නිවේදන 3ක් සභාගත කිරීමටද ඒ මහතා පියවර ගත්තේය.