Home Politics News Room : ඕනෑම කෙනකුට දේශපාලන මතයක් දැරීමට අයිතියක් තිබෙනවා -ජාජබ විධායක...

News Room : ඕනෑම කෙනකුට දේශපාලන මතයක් දැරීමට අයිතියක් තිබෙනවා -ජාජබ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

0
0

මේ රටේ පුරවැසියන් ලෙස ඕනෑම පුද්ගලයකුට තමන් කැමති දේශපාලන මතයක් දැරීමට, ඒ වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමට, ඒ වෙනුවෙන් ජනතාවට කරුණු කියන්න අයිතියක් තිබෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද කීවේය.

“මෙරට විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ සෙබලුන් දේශපාලනයට ඒම අරුමයක් නොවේ. දැනටමත් එවැනි පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටිනවා. ආණ්ඩුව කුමන පියවර ගත්තත් රට වෙනුවෙන් ජාතික ජන බලවේගය සමඟ කටයුතු කරන ත්‍රිවිධ හමුදා සාමූහිකයේ පිරිස් පිළිබඳව ජනතාව තුළ විශාල ආදරයක්, ගෞරවයක් තිබෙනවා.”

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here