Home Local News Room : IMF එකෙන් දීපු සල්ලිවලින් ඉන්දියාවෙන් අරන් තිබ්බ ණය වාරිකයක්...

News Room : IMF එකෙන් දීපු සල්ලිවලින් ඉන්දියාවෙන් අරන් තිබ්බ ණය වාරිකයක් ගෙව්වා! ඒක ගෙවලා ආපහු ඉන්දියාවෙන් ‌ඩොලර් බිලියනයක ණයක් ඉල්ලලා! එන්න ආයෙත් රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කමු!

6
0

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාර්ග ගත විද්වත් කථිකාවකට එක්වමින් පැවසුවේය.

එම ණය මුදල ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ණය මුදලේ වටිනාකම තවම තීරණය කර නැතත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන එකකට ආසන්න වනු ඇති බවත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දී ඇත.

එම මුදල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ කටයුතු සඳහා යොදා ගනු ඇතැයි කුමාරස්වාමි මහතා එහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here