Home Local News Room : සාගර මුහුදු මට්ටම ඉහළ යාමේ වේගය ඉහලට – Lanka...

News Room : සාගර මුහුදු මට්ටම ඉහළ යාමේ වේගය ඉහලට – Lanka Truth | සිංහල

2
0

නාසා ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව පැවසෙන්නේ මුහුදු මට්ටම ඉහළ යාමේ වේගය වැඩිවෙමින් පවතින බවයි.

අභ්‍යවකාශ චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණයන්ට අනුව 2021 වසරේ සිට 2022 දක්වා ගෝලීය මුහුදු මට්ටම අඟල් 0.11(සෙන්ටිමීටර 0.27) දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර එය වසරකට ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාක මිලියනයක සිට සෑම දිනකම සාගරයට ජලය එක් කිරීමට සමාන වන බවද මෙහිදි අනාවරණය කර තිබේ.

NASA හි මුහුදු මට්ටම වෙනස් වීම් පිළබඳ විද්‍යා කණ්ඩායමට අනුව, චන්ද්‍රිකා 1993 දී එක්සත් ජනපද-ප්‍රංශ TOPEX/Poseidon මෙහෙයුම සමඟ මුහුදු මතුපිට උස නිරීක්ෂණය කිරීමට පටන් ගත් දා සිට, සාමාන්‍ය ගෝලීය මුහුදු මට්ටම අඟල් 3.6 (සෙන්ටිමීටර 9.1) කින් වැඩි වී ඇති බවයි.

ඒ අනුව දිගු කාලීන චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණයන්ට අදාල මිනුම් මත පදනම්ව, 2050 වන විට ප්‍රක්ෂේපිත මුහුදු මට්ටම ඉහළ යාමේ වේගය වසරකට අඟල් 0.26 (සෙන්ටිමීටර 0.66) දක්වා ඉහළ යනු ඇති බව එම වාර්තාවේ සඳහන් වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here