උපයනවිට බද්දට අදාළව විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා මේ සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරි සතිය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව අද (24) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
උපයනවිට බද්ද සම්බන්ධයෙන් විසඳුමක් ලබාගැනීමට සාකච්ඡාවක් සතියක් ඇතුලත වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට ලබාදීමට ජනාධිපති ලේකම්වරයා පසුගිය සතියේ එකඟවී තිබුණු අතර මෙතෙක් එම අවස්ථාව ලබානොදීම සම්බන්ධයෙන් හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ, “අපිට සිද්ධවෙනවා එළඹෙන සතියේදී ලක්ෂ ගණනක් වන වෘත්තිකයින් සමග පාරට එන්න. අවසානයේ රටම අඩපණ කරන තත්ත්වයට යන්න වෙනවා.”