Home Local News Room : පොලිස්පති CDමයි! මාස 3ක සේවා දිගුවක් දෙයි!

News Room : පොලිස්පති CDමයි! මාස 3ක සේවා දිගුවක් දෙයි!

7
0

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සේවා කාලය අද අවසන් වීමට නියමිතව තිබණද ජනාධිපතිවරයා විසින් මාස 3ක සේවා දිගුවක් ඒ මහතාට ලබාදී ඇති බව දැනගන්නට ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ (24) සාකච්ඡාවක් පවත්වා තිබුණි.

එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත මාස තුනක සේවා දිගුවක් ලබාදීමටය.

ඉන් පසුව නව පොලිස්පති ධූරය සදහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත නම් යොමු කිරීමට නියමිත අතර ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් විසින් නව පොලිස්පතිවරයා පත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here