Home Local News Room : පොලිස්පතිට සේවා දිගුවේ ලියුම ලැබෙන්නේ හෙට! එතකොට හැමෝටම බලාගන්න...

News Room : පොලිස්පතිට සේවා දිගුවේ ලියුම ලැබෙන්නේ හෙට! එතකොට හැමෝටම බලාගන්න පුලුවන් ඒ කාලය තව මාසයක්ද මාස 3ක්ද අවුරුද්දක්ද කියලා!

4
0

වත්මන් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා හට ‌ලබා දීමට නියමිත සේවා දිගුවට අදාළ ලිපිය හෙට දිනයේදී ලැබීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපිතවරයා විසින් ඒ මහතාට සේවා දිගුව ලෙස ලබා දී ඇත්තේ තව මාසයක්ද, මාස 3ක්ද, අවුරුද්දක්ද යන්න දැනගැනීමට හැකි වනු ඇත.

ඊයේ දිනයේදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා, පොලිසිය බාර අමාත්‍යවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ සාකච්ඡාවකදී අදහස් හුවමාරු වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා අනෙක් සියලු දෙනාටම ‘මේ පොලිස්පතිතුමා එක්ක මේ හැමෝටම දිගටම වැඩ කරන්න පුලුවන්නේ…’ යනුවෙන් පවසා ඇති බවද දැනගන්නට තිබේ.

අද දිනයේදී වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමට නියමිතව තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here