Home Local News Room : ඡන්ද කල් දාපු පළාත් පාලන ආයතන සියල්ල දිනේෂ් ඉන්න...

News Room : ඡන්ද කල් දාපු පළාත් පාලන ආයතන සියල්ල දිනේෂ් ඉන්න කමිටුවකට! පළාත් සභා වජිර ඉන්න කමිටුවකට! රනිල් තීන්දු කරයි!

13
0

දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබේ. 

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා , මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පළාත් ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සභාපතිවරුන් ඇතුළත් ය.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, පළාත් පාලන ආයතනවලින් ජනතාවට ඉටු විය යුතු සියලු කාර්යයන් බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව සිදු කිරිමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීම මෙම කමිටුව හරහා සිදු කෙරෙන බවයි. 

මේ අතර,  දැනට ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවතින පළාත් සභාවල කටයුතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව ද  ඔහු ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here