Home Local News Room : ඡන්දෙට සල්ලි නොදුන්නාට මුදල් ඇමැතිට එරෙහිව අධිකරණයට යන්න සූදානම්!

News Room : ඡන්දෙට සල්ලි නොදුන්නාට මුදල් ඇමැතිට එරෙහිව අධිකරණයට යන්න සූදානම්!

1
0

පළාත් පාලන මැතිවරණයට අයවැයෙන් වෙන් කර ඇති මුදල් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තීරණය කර තිබේ. 

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඉදිරි දින කිහිපය තුළ සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි. 

පළාත් පාලන මැතිවරණය නොපවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කළ බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ, මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේ ය. 

ඔහු පැවසුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ දේශපාලන පක්ෂවලට ඇති උනන්දුව අඩුවී ඇතිවී බව නිරීක්ෂණය වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here