2023 අයවැයෙන් මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අවස්ථාවක එම වෙන් කළ මුදල් මැතිවරණ කොමිසමට ලබා දී මැතිවරණය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බවත් එක දවසක රාජ්‍ය වියදම මේ ආකාරයෙන් මැතිවරණය සඳහා යොදා ගැනීම මුදල් නාස්තියක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ මුදල් ලබා දීම වරප්‍රසාද කඩකිරිමක් බවත් උත්තරීතර අධිකරණය මඟින් ඒ සඳහා නියෝගයක් පවා ලබා දී ඇති බවත් ඊට අමතරව මුදල් ලබා දුන් විගස මැතිවරණ පත්‍රිකා මුද්‍රණය කිරීමට පවා මුද්‍රණාලය සූදානම්ව ඇති අවස්ථාවක මුදල් ලබා නොදෙන්නේ ඇයි ද? කියා තමා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.