නැව් සමාගම් අත්තනෝමතික ලෙස අයකරන ගාස්තුවලින් ආනයන අපනයනකරුවන් ආරක්ෂා කිරීමට පනවා තිබූ ගැසට් පත්‍රය අහෝසි කිරීම නිසා තමන් කබලෙන් ලිපට වැටී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර අනයනකරුවෝ පවසති.
මේ හේතුවෙන් සහල් සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය රැසකම මිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බවද සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පී.එම්. අබේසේකර පවසයි.
එම ගැසට් පත්‍රය අහෝසි කිරීම නිසා නැව් සමාගම් නැව් ප්‍රවාහන ගාස්තුවලට අමතරව තවත් ගාස්තු 40ක් පමණ හිතුමතේ වැඩ කිරීමට උත්සහා ගනිමින් සිටින බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ වැඩිදුරට පවසති.
එම ආනයනකරුවෝ තවදුරටත් පවසන්නේ මෙම ගැසට්ට් පත්‍රය අහෝසි කිරිමට පෙර එය නිකුත් කිරීමට බලපාන ලද මුඛ්‍ය කරුණ පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කළ යුතුව තිබූ බවත් ආනයන කරුවන් සමගද ඒ සම්බන්ධයෙන් සාකච්චාවක් සිදු කළ යුතුව තිබූ බවත්ය.