Home Local News Room : සජිත් රුසියානු තානාපති මැටේරි හමුවෙයි! රට වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් කරයි!...

News Room : සජිත් රුසියානු තානාපති මැටේරි හමුවෙයි! රට වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් කරයි! VIDEO

2
0

රුසියානු සංචාරකයින් මෙරටට ගෙන්වන නියෝජිත ආයතනවල නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වූ අතර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටේරි මහතාද එම අවස්ථාවට එක්විය.

ඒ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දීය.

ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට හැකි විය.

විශේෂයෙන්ම රුසියානු සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡාවට ගැනුණු අතර ඒ පිළිබඳ සුභවාදී ආකල්පයක් ගොඩනගා ගත හැකි විය.

සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ පවත්නා ස්වභාවික පිහිටීම පිළිබඳව එහිදී විපක්ෂ නායකතුමා විසින් රුසියානු තානාපතිවරයාව දැනුවත් කළ අතර සංචරණයේ සුවිශේෂී අත්දැකීම් ලබාගත හැකි සෞන්දර්යයක් ශ්‍රී ලංකාවේ ඇති බවද පෙන්වා දුන්නේය.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ අතර අද ශ්‍රී ලංකාව පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ගැනීම උදෙසා රුසියාවේ සහයෝගය අවශ්‍ය බවද එහිදී අවධාරණය කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here